Posts

Showing posts from September, 2022

භාණ්ඩ වර්ග කිහිපයට මිල සහනයක්

Image
 ලංකා සතොස හරහා අලෙවි කරන භාණ්ඩ කිහිපයකට මිල අඩු කිරීමට එම ආයතනය විසින් කටයුතු කර තිබෙනවා. එම භාණ්ඩ,  අඩු කළ මිල හා නව මිල, ආනයනික සුදු කැකුළු 1 kg - රු 10 කින් ,නව මිල 185 ආනයනික සුදු නාඩු 1kg - රු 4 කින්, නව මිල 194 රතු පරිප්පු 1kg- රු 31 කින්, නව මිල 429 සුදු සීනි 1kg - රු 19 කින්, නව මිල 279 හාල්මැස්සන් 1kg- රු 25 කින්, නව මිල 1352

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් සටනට

Image
 අාසියානු කුසලාන සුපිරි 4 දෙනාගෙ වටයේ ඊයෙ පැවැති පකිස්ථානය හා අැෆ්ගැනිස්තානය පැවැති තරගයෙන් 1 කඩුල්ලක ඉතා තියුණු ජයක් වාර්තා කිරීමට පකිස්ථානය සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගන් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදී ලකුණු 129 ලබා ගැනීමට සමත් විය.. පහසු ජයක් බලාපොරොත්තුවෙන් පැමිණි පකිස්ථානය ට එය ඉතා අසීරු කටයුත්තක් බවට ඇෆ්ගන් පන්දු යවන්නන් පත් කළ අතර ඉතා තියුණු තරගයක් දැක බලා ගැනීමට පැමිණෙන සිටි ප්‍රේක්ෂකයන්ට හැකියාව ලැබුණා. අවසන් පන්දු ඔවරය තුළ ලකුණු 11 ලබා ගැනීමට තිබූ අතර හයේ පහරවල් 2ක් එල්ල කරමින් පකිස්ථානය ජය ගැනීමට සමත් විය..  ශ්‍රී ලංකා සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය 11 වන ඉරිදා පැවැත්වීමට නියමිතව ඇත. 

ළමා මන්ද පෝෂණය වැඩි වෙයි

Image
 2021 වසරෙ වාර්තා වලට අනුව ළමා මන්ද පෝෂණයෙ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කොවිඩ් වසංගතය නිසා පාසල් වසා තැබීම හේතුවෙන් 2021 වසරෙ පාසල් වල සෞඛය පරීක්ෂණ සිදුකර නොමැති බවත්. 2016 ට සාපේක්‍ෂව 2020 වසරෙ පාසල් සිසුන් ගේ කෙටි කාලීන මන්ද පෝෂණයෙ අඩුවීමක් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් 2021 වසරෙ සමාජීය හා ආර්ථික අයහපත් තත්ත්වය මත ළමා මන්ද පෝෂණයෙ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය..      

ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට

Image
ආසියානු කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියෙ සුපිරි 4 දෙනාගෙ වටයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය... ඉතාමත් තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් මෙම ජයග්‍රහණය ලබා ගත්තේය.. මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඔවර 20 අවසානයෙ ලකුණු 173/8 ක් ලබා ගත්තේය.  රෝහිත් ෂර්මා 72,සූර්ය 34,පාණ්ඩ්‍ය 17. ඩිල්ෂාන් මධුසංඛ කඩුලූ 3ක් ද චාමික කරුණාරත්න කඩුලූ 2ක් ද ලබා ගැනීමට සමත් විය.. 174 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දී මට කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක සමත් විය.. ලකුණු 97 ක සම්බන්ධතාවක් පවත්වමින් සිටි ය දී නිශ්ශංක දැවී ගියේය.. කුසල් මෙන්ඩිස් ලකුණු 57  පැතුම් නිශ්ශංක 52  භානුක සමග නොබිඳුණු  5 කඩුල්ලේ ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ නායක වගකීම ඉටු කිරීමට දසුන් සමත් විය.  දසුන් 33, භානුක 25. ශ්‍රී ලංකාව පන්දු වාර 19.5 තුළ 174/4.

ලිට්රෝ ගෑස් මිල අඩුවෙය්

Image
 Litro සමාගම විසින් ගෑස් මිල පහත දමා තිබෙන බව සඳහන් කළේය. එ අනුව නව මිල ගණන්.. 12.5kg රු 113 කින් ද , 5kg රු 45 කින් ද, 2.5kg රු 21 කින් ද අඩු කර ඇත. නව මිල ගණන්  12.5kg රු 4551 5kg රු 1827 2.5kg රු 848..

ගංවතුර අනතුරු රතු නිවේදනය

Image
අත්තනගල්, කළු, කැලණි, ගිo, නිල්වලා ද්‍රෝණි ජලයෙන් පිරී ඉතිරී ඇති බැවින් එයින් එකකට හෝ කිහිපයකට දෑඩි වර්ෂාපතනයක් ඇති වූවහොත් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අදාළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දන්වා සිටී.